ටිකක් හිතන්න – නිවනට මඟ දහම් ලිපිපෙල

කර්මවාදය පසුකාලීනව බුදුදහමට එකතුවූවකි.බුදු දහමින් සියල්ල පැහැදිලි කෙරෙන්නේ නියාම ධර්මවලට අනුවය.භව යනු සිතිවිලිය. එහෙත් බමුණාට පුනරුප්පත්තියත් ඒ හා බැඳුන කර්මවාදයත් බුදුදහමට එකතු කිරීමට අවශ්‍ය විය.බුදුන් වහන්සේ භවය යැයි කීවේ සිතිවිල්ලටය. සිතිවිල්ලක් ප්‍රතිසන්ධි සිත ලෙස සිරුරින් පිටතට ගොස් තව තැනක චුති සිත ලෙස පහල වීම පිළිගත නොහැක.සිතිවිල්ලකට සිරුරින් පිටවී එසේ සැරිසැරිය හැකිද?

මේ පරස්පරය නිසා මහායානිකයන් මනෝකාය නම් සංකල්පය ගොඩ නැගූහ.එය ආත්මයට වෙනත් වචනයකි.වෙනත් ආගම්වල ආත්මය කියන්නේත් කායික නොවන චෛතසික දෙයකටය.

සිත මිස කය නැති බ්‍රහ්ම ලෝක ගැන කී බමුණා ඉන්පසු කය මිස සිත නැති බ්‍රහ්ම ලෝක ගැන කියන්නට ගොස් ඇනගත්තේය.

සිරුරින් පිටවන සිතිවිල්ල යන මතය අතාත්වික නිසා ගන්ධබ්බයා නිර්මාණය කරගන්නා ලදී. මේ ගන්ධබ්බ කතාව මහායාන කතාවක් වුවත් දැන් අපේ සමාජයේද පැළපදියම් වී ඇත.ඉස්සරත් පිටස්ත්‍ර දේවල් පැළපදියම් වුනේ මේ ලෙසටමය.

බුද්ධ පරිනිර්වානයෙන් වසර හාරසියයකට පමන පසු
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන ලදී. එහෙත් එතුවක් කල් කට වචනයෙන් ආවා යැයි පිළිගත හැකිද? ග්‍රන්ථාරූඩ කළ තැනද නිශ්චිත නැත.තුන්වන ධර්ම සංගායනාව ඇත්තටම පැවැත්වූවාදැයි කියාද විද්වතුන් සැක කරති.

කටපාඩමින් පවත්වාගෙන ආවායැයි කියන්නන් ධර්මය කිසි වෙනසක් නොවූ බවත් ඊට හේතුව රහතන් වහන්සේලා හා සම්‍යක් දෘෂ්ටික දෙවිවරු එය රැක ගන්නට උදවු කළ නිසා බවත් කියති. එහෙත් දෙවිවරු හා රහතන් වහන්සේලා ඉන්නේද ඒ කටපාඩමින් ගෙනා කතන්දරයේය.

දෙවිවරු,බ්‍රහ්මයෝ,මාරයෝ, නාගයෝ,අසුරයෝ,සුරයෝ යනු මිනිස් ගෝත්‍රය. මේ ගෝත්‍ර අතර සිදුවූ ගැටුම් ඇසුරින් කතන්දර ලියා ඇත.

බුද්ධගෝෂ හිමි මෙරටට පැමිණ බුදුදහම පාලියට හරවා සිංහල අටුවා ගිනි තබා විනාශ කළහ. එසේම බුදුන් වහන්සේට චාරීත්‍ර වාරීත්‍ර ඇතුලත් ආගමක් අළුතින් හදන්නට වුවමනා නොවීය .උන් වහන්සේ ධාහ්ම දෙසුවේ එකළ පැවති ආගම්වලට එරෙහිවය.

සිවුර යනු යුනිෆෝම් එකකි. වෙනත් ආගම් දෙස බලා ඒවාගේ සිරිත් වලට බෞද්ධ මුහුනුවර දී බුද්ධාගම නමින් ආගමක් නිර්මාණය කිරීම බුදු මග නොවේ.එසේම මහා පිළිම නිර්මානය කිරීමෙන් ශ්‍රද්ධාව ඇතිවී එහි ඇලීමක් සිදුවේ. කයෙහි නිස්සාරත්වය දේශනා කළ බුදුන් වහන්සේ තමන්ගේ පිළිම හදා පූජා පවත්වන ලෙස දේශනා කිරීම පිලිගත හැකිද? පිලිම වන්දනාව බෞද්ධද?

Advertisements

One thought on “ටිකක් හිතන්න – නිවනට මඟ දහම් ලිපිපෙල

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s