ඔබත් නිර්වාණ මාර්ගයට පිවිසෙන්න- සරල දහම් ලිපි පෙළ

downloadධර්ම සාකච්ඡාවන්හිදී මගේ මිතුරෙකු පළ කළ අදහසක් නිසා මෙය ලියන්නට සිත් විය. බුදුදහමේ අනාත්ම වාදය ,අනිත්‍ය ගැන ඉගැන්වුවද ආත්මයක් බදාගෙන සිටින මගේ මිතුරා දිව්‍ය බ්‍රහ්ම සැප පතයි. සැප යනු කුමක්දැයි මම ඇසීමි. දෙවිවරුන්ට හිතන හිතන වෙලාවට රස බොජුන් පහළ වෙයි. ඔවුන්ට දිව බොජුන් කුමටද? මිනිසුන්ටනම් ආහාර ජීර්ණය කර ශක්තිය ලබා ගන්නටය.

දෙවිවරු අතර ලිංග බේදයක් ඇත. මිනිසුන්ට හා සතුන්ට ලිංග බේදයන් අවශ්‍ය වන්නේ ප්‍රජනනයටය. එහෙත් දෙවිවරු පහළ වන්නේ ඕපපාතිකවය.

සැප යන්නද සාපේක්ෂය. රජ සැප වින්දායැයි කියන පෙර රජවරු අඩුගානේ බස් එකකවත් ගොස් නැත. එසේම ඕනෑම සැපක් එක දිගට විදින විට එය එපා වෙයි.ඒ අනුව කල්ප ගනන් සැප විදින දිව්ය බ්‍රහ්ම ලෝක කතා සාහිත්‍යකරුවන්ගේ නිර්මාන මිස වෙන මොකවත් නොවේ.

මම යැයි කෙනෙක් නැතැයි බුදුන් වහන්සේ දේශනා කළත් මම යැයි කෙනෙක් සිටින බව විශ්වාස කරමින් ඒ මම ‍යැයි කියන දෙය එනම් සිතිවිලි පරම්පරාව අහෝසි කර ගන්නට යැයි කියා පුරාණ හින්දු භාවනා ක්‍රම කරමින් නිරර්ථක වෙහෙසක් ගන්නා උදවිය ගැන ඇත්තේ අනුකම්පාවකි.

පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සියල්ල සෑදී ඇති බව විශ්වාස කළේ පැරැන්නෝය. හින්දුවෝය. එම විශ්වාස මත පදනම් වූ භාවනා බෞද්ධ භාවන්නා නොවේ. බෞද්ධ භාවනාව සති භාවනාවයි. සිත මනා කොට පිහිටුවා එළඹ සිටි සිහියෙන් සිටීමයි. පොත් වල තිබෙන පාඨයන් අන්ධ භක්තියෙන් අදහන්නේ නැතිව විමසිලිවන්ත විය යුතුය.
බුද්ධ දේශනාව ග්‍රන්ථාරූඩ වුනේ පරිනිර්වාණයෙන් සියවස් ගනනකට පසුය.එසේම බුද්ධ ඝෝෂ හිමි හෙළ අටුවා පාලියට නගා උන් වහන්සේ පිළි නොගත් සියල්ල ගිනි තබා විනාශ කළ නිසා අද අපට ඉතිරි වී ඇත්තේ උන් වහන්සේ පිළිගත් දේ පමණි.අපක්ෂපාතී විමර්ශනයක් කිරීමට එය බාධාවක්ව පවතී.

එම නිසා සති භාවනාව යනු කුමක්දැයි විමසා බලමු. මෙහිදී ඉතා පහසුවෙන් සති භාවනා වැඩීම ගැන ඉගැන්වීම් කළ ඉන්දියානු සාධූන් ගේ කෙටි ක්‍රම අපට උපකාරී වේ.

මේ පහත ක්‍රමය සිතිවිලි පලවා හැරීමේ ක්‍රමයට වඩා සාර්ථකය. පලවා හැරීමේදීද ද්වේශය හා බැදීම් ඇති වේ.සිත අපෙන් වියුක්තය යන හැඟීම මෙහිදී ඇති කර ගැනේ. නත්ථී නත්ථී කියමින් භාවනාව කිරීමට හෝ තම ආදරය කරන දෙයක් සිහි වන විට ඒක උඹ ගනින් යැයි කියමින් භාවනාව වැඩීමට වඩා මෙය සරලය.

භාවනාව හරිම සරල ක්‍රියාවලියක්,ඔබේම මනස නිරීක්ෂණයේ යෙදීමයි එමඟින් කෙරෙන්නේ.මනස සමඟ සටන් කරනවා නොවෙයි..එය පාලනය කරන්න හදනවත් නොවෙයි.හුදෙක් එතැන සිටීමයි.අදහසක් නැතිව නිරීක්ෂණය කරනවා.සාක්ෂි දරමින් මනස හරහා කුමක් පැමිණියත් එය නිරීක්ෂණය කරනවා. එයට එරෙහිව හෝ පූර්ව නිගමනයකින් තොරව.ඔබ එය නාමයකින් හදුන්වන්නේ නැහැ.මේක මගේ මනසට එන්න ඕනෙ නැහැ කියල කියන්නෙත් නැහැ.ඒක කැතයි අප්‍රසන්නයි හෝ ඒක මගේ මනසට එන්න ඕන නෑ කියල කියන්නෙත් නෑ.ඔබ ඒ සිතිවිල්ල විනිශ්චය කරනවාත් නොවෙයි.ඔබ එය විනිශ්චය නොකරන්නෙ මොකද ඔබ එය විනිශ්චය කළ ගමන්එයින් ඔබ්බට භාවයන් වැඩීම අහිමි වෙනවා.ඔබ එම සිතිවිල්ල සමඟ අනන්‍ය වෙන්න ගන්නවා.ඔබ ඒ සිතිවිල්ලේ මිතයෙක් වෙන්නේවත් සතුරෙක් වෙන්නේවත් නැහැ.එහෙම කළොත් ඔබ එය සමඟ සම්බන්ධයක් සාදනවා.භාවනාව කියන්නේඔබේ සිතිවිලි ක්‍රියාවලිය සමඟ සබඳතාවන්ගෙන් තොරව ඉබ සිදීමයි.සම්පූර්නයෙන්ම සබඳතාවන්ගෙන් තොරව ඔබ ඉදීමයි.සම්පූර්නයෙන්ම සබඳතාවන්ගෙන් තොරව නිශ්චලව සන්සුන්ව මොනවා තමන් පසුකර යන්න ආවත් අකම්පිතව නිසලව බලා හිදීමයි.අන්න එවිට ප්‍රාතිහාර්ය සිදුවෙන්න ගන්නවා.සෙමින් සෙමින් ඔබ පසුකර යන සිතිවිලිවල වේගය අඩුවෙන්න ගන්නවා.ඔබ කොතරම් හොඳින් සතියෙන් ඉන්නවාද ඒ තරමටම ඔබ පසුකරගෙන යන සිතිවිලිත් අඩුවෙනවා.

ඔබ සම්පූර්නයෙන්ම දැනුවත්භාවයෙන් නම් එක් මොහොතකදි සිතිවිලි සියල්ල නතර වෙනවා,සෙමෙන් සෙමෙන් එවැනි මොහොතවල් වඩ වඩා එන්න ගන්නවා.එතකොට සිතිවිලි දෙකක් අතර හිඩැසක් පෙනෙන්න ගන්නවා.එවන් හිස් අවකාශ නැවත නැවත එන්න ගනීවි.ඒවා වඩි වෙලාවක් රැදී සිටිනවා.මනසින් නිදහස් වන ඔබට ඔබ කවුද යන්න අවබෝධ වෙනවා

Advertisements

9 thoughts on “ඔබත් නිර්වාණ මාර්ගයට පිවිසෙන්න- සරල දහම් ලිපි පෙළ

  1. //මනස සම්මඟ සටන් කරනවා//
    //නිරීක්ෂණැය//

    සිංහල අන්තිමයි. තේරෙනව නේද ලියන්න තීන අමාරුව කියවනවට කියනවට වඩා?

    //දෙවිවරු අතර ලිංග බේදයක් ඇත. මිනිසුන්ට හා සතුන්ට ලිංග බේදයන් ආව්ශ්‍ය වන්නේ ප්‍රජනනයටය. එහෙත් දෙවිවරු පහළ වන්නේ ඕපපාතිකවය.//

    පහලවෙන්නෙ ඕපපාතිකවනම්, මොන කෙහෙම්මලටද ලිංග බේදයක්??

    • බොහොම පිං.මට තේරුනා බණ දහම් වෙනුවෙන් එකම බ්ලොග් එකක් වත් නෑ කියන එක. දෙලොවටම වැඩ සිදුනොවෙන්න දේ කියවල කාලෙ කනවට වඩා දෙලොවටම වැඩක් ඇති දෙයක් කරන්න හිතුව. ලියන එකෙන් මට පිං සිදු වෙනව වගේම බලන එකෙන් ඔය ගොල්ලන්ට පිං සිදු වෙනවා.

  2. මේ….
    උන් බිහිවෙන්නෙ ඕපපාතිනව නං… උන්නහේලට ලිංගයක් නැත්තං මොන සෙද්දටම ලිංග බේද…
    එතකොට අහලව් දෙය්යගෙ තාත්ත අහවලා අම්ම අහවලා කියන්නෙ මොන උලව්වටද…
    ඒ…. හෙන පුස්නයක් නෙව

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s