කළුවරේ ගල්ගැසූ අමුත්තා (ගුරු සේවයේ කතා )

මට නම් එහෙමට ලියන්න බැරිය.ලියන්න බෑ කිව්වේ අකුරු සාත්තරේ බෑ කියන එක නොවේ. මේ සාත්තරේ තවම හරියට බැරිකමය. මේකත් අපූරු ලෝකයකි. මගේ ජීවිතයේ මා අත්දුටු අපූරු දේවල්වල හැටියට මෙසේ ලියන එකම මට අපූරු වුනත් අමාරු වැඩකි.ඡේදයක් ටයිප් කරන්න ලොකු වෙලාවක් ගත යුතුය.එහෙත් මේක වෙන කෙනෙකුට බාර දෙන්නත් බැරිය.අඩුවැඩිය හදන එක කරන්නේ ටයිප් කරන කොළුවාය. ඌට මේ වැඩ පුළුවනි.

දශක හතරකට නොඅඩු රජමෙහෙවරෙන් ඉසුඹු ලබා ගෙදර එච්චර කාලයක් ඉන්නට සිදු වුනේ නැත. නෑදෑ වෙන කෙනෙකුගේ උළු මෝලක ලියන කියන රස්සාවක් ලැබුණි.වැටුප් විශමතාව නිසා මේ රස්සාවේ වටිනාකම කියලා නිමකරන්න බැරිය.

සේවා ජීවිතයේ අපූරු අත්දැකීම් ඇතත් ඒවා ලියන්නට බැරි මට මේ ටයිප් කිරිල්ල මහ වෙහෙසක් බැවිනි.එහෙත් මොකක් හෝ ලියන එක හිතට සතුටකි.ඒත් ලියන දේ පුළුවන් තරම් පුංචි කරන්නේ ටයිප් කරන එක අමාරු නිසයි.ඒ නිසා පුංචි කතාවක්ම තොරා ගන්නම්.

මේක සිද්ධවුනේ කරුවලගස්වැව පැත්තෙ ඉස්කෝලෙක උගන්වන කාලෙයි.අදටත් ඒ පැත්තේ එහෙමට දියුණුවක් නැත.ඉස්කෝලයක් කිව්වට ඉස්කෝලයකුත් නොවේය.ළමුන්ද ගුරුවරුන්ට කතා කරන්නේ උඹ කියමිනි.පාඨසාලා පරීක්ෂකවරයෙක් කිසිදාක එන්නේ නැත.ආවොත් අම්මගෙ පදේ කියන්න ගුරුවරු සූදානමින් සිටිති.ළමයි ගෙදර යන්නේත් හිතුන හිතුන වෙලාවටය.කෙසේ හෝ වැඩිහිටියෝත් ළමයිනුත් මට ලොකු මහත්තයා කියා ඇමතූහ. මම කොටියාගල ඉස්කෝලෙන් දුෂ්කර ජීවිතේ අමුතු මිහිරියාවක් විද තිබුණි.කොටියාගලෙන් පසු ගම්පළාතට ආවත් අවුරුදු දෙක තුනකින්ම යළි කැළෑවට රිංගුවේ එබැවිනි.

මේ කතාව මගේ හදවතෙහි කොණක තිබෙන ඉදහිට මතුවී රිදුම් දෙන එකකි.මගේ හිතවතෙකුගේ අකල් මරණයකි. එයට මමද සම්බන්ධය.

කිරිහාමි ගමේ ශක්තිමත් මිනිසෙකි.හිනා වෙන්නේ කට පුරෝගනය. ඔහුගේ විශේෂත්වය වුනේ වාදයක් පටන් ගන්නේම හොඳින් හිනාවීමෙන් පසුව වීමයි.පොඩිකාලෙ පන්සලක සිටි නිසා හඳහන් බලන්නත් හොඳ හැකියාවක් තිබුණි.පාලි සංස්කෘත ශ්ලෝක කටපාඩමින් කිව හැක.

දිනක් කිරිහාමි හවස වැඩකර ගෙදර ඒමට පෙර හරකත් අරන් එන්නට පිල්ලෑව දිහා ගියේය. එය ඔහුගේ පුරුද්දකි.හරකත් අරන් එන ගමන් දොලපාරෙන් මූණ කට හෝදගන්න එක ඔහුගේ සිරිතකි.
මූණ කට හෝදගන්නට නැමෙනවාත් එක්කම කවුරු හෝ වතුරට ගල් ගෙඩියක් අත ඇර ඇත. කිරිහමි හිස ඔසවා බැලීය. දෙවියනේ ලොකු මහත්තය නේද? මොකෑ ආයිබොවන්ඩ කියා අසා ඇත. දෙවැනි වතාවටත් මෙසේ කරන විට කිරිහාමි වික්ෂිප්ත විය.සිනහ වෙමින් මම ඔහු මූණ කට සෝදන දොළපහරට ගල් ගෙඩි දමා ඇත.පසුව මා ඉක්මනින් ගමන් කර ඇති අතර කිරිහාමි ලොකු මහත්තය නවතින්න මාත් එනවා යි කියද්දීම මා හනිකට ගොස් ඇත.

කිරිහාමි යනු මගේ හිතවතෙකි.මට නවාතැන් පවා සොයා දුන්නේ ඔහුය. සමහර විට මම විහිළුවක් කරනවා කියා සිතුවාදැයි දන්නේ නැත. එහෙත් මම එවැනි දේ නොකරන බවත් ඔහු දනී.

කිරිහාමි ගෙදර යන ගමන් මා හමුවීමට ආවේ ඒ නිසාය. ගල් ගෙඩි කතාව මා අසා සිටියේ විශ්මයෙනි.
අනේ කිරිහාමි මම ඒ පැත්තෙ ගිය කාලයක් මතක නෑ මම කිව්වෙමි.

කිරිහාමි ගෙදර ගියේය. ඔහුට සහලෝල උන ගත්තේය. කපු මහත්තෙයෙක් කැඳවා මායම් කරන විට කපුවා කීවේ ගොම්මන් වෙලාවෙ කජු ගහක් යට වතුරපාරක් ලඟදි තනි කර ගෙන තිබෙනවා කියාය.

කපුවාගේ හඩ දැණුදු ඇසෙන්නා සේය.

” බෑ බොලන් බෑ බොලන් බෑ බොලන් ”

කිරිහාමි පැදුරේ නිදිකරවා ඇති. බෑ කියල නේද කියන්නෙ ඔහු අසයි. නෑ නෑ පුළුවන් කියල ඔහුලඟ සිටින අය ඔහුව අස්වසයි.

කිරිහාමි එදා එළිවෙන ජාමයේ මියපරලොව ගියේය.

Advertisements

15 thoughts on “කළුවරේ ගල්ගැසූ අමුත්තා (ගුරු සේවයේ කතා )

  1. /* ළමුන්ද ගුරුවරුන්ට කතා කරන්නේ උඹ කියමිනි */

    බුදු අම්මෝ මේ මොන කාලෙද?

    මගේ අම්මාගේ අයියා කෙනෙක් පනස් ගණංවල දුර පලාතක පාසකට ගියාම ළමයි කතා කෙරුවේ උඹ කියලාලු.

    ඔබ වසර හතලිහක් සේවය කර පැන්ෂන් ගියේ මේ ළඟදී නම් වෙන්න බෑ කියා හිතෙනවා. මොකද මේ දිනවල පැන්ෂොන් යන්නේ 70 දශකයේ සේවයට ගිය අය.

    • මේ හැටේ දශකයේ අවසන් භාගය. මම විශ්‍රාම ගියේ 2004 දි.මට මුලින්ම ලැබුනේ ශිෂ්‍ය ගුරු පත්වීමක්.

    • එහෙම කතාවක් තමයි. මේවගෙ දේවල් ඒ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක පුදුම විදියට සම්බන්ධයි

    • දාන්නම් දාන්නම් .මම හිතන්නෙ බ්ලොග්කරුවන් අතර වැඩිමහල්ම බ්ලොග්කරුවා මම වෙන්න ඇති. මට ඔය හැමෝම හඳුනාගන්නත් ඕනෙ.මම මේ වැඩෙන් තෘප්තියක් ලබනවා වගේම මනසින් තරුන වෙනව. ඇත්තටම ආයෙත් 60 දශකයට ගියා වගෙ.

  2. මං පට්ට වයසක බුවෙක්. මට මේ අකුරු කියවගන්න බැහැ. පොඩි වැඩියිනේ. පොඩ්ඩක් සයිස් එක ලොකුවට දෙන්න බැරිද?

    • මමත් ඔබ වගේ කෙනෙක්. ඔබේ ඉල්ලීම ඉටු නොකරම බැහැ. මම දන්න කෙනෙකුට කියල අකුරු ටික හදවන්න බලන්නම්

  3. අම්මො… කොය් කාලෙ කතාද හැබැයි ශෝකාන්තයක් නොවුණ නං අහපු හොදම රසකතාවක් වෙන්න තිබුන… මෙවන් විස්තර අසන්න ඇත්තටම මම කෑදරයි මොකද අපි ට එයන් අත්දැකීම් නැති නිසා…
    ඔබ බ්ලොග්ස්පොට් භාවිතා කරන්නෙක් උනා නං අකුරු කතාවට උත්තරයක් දේනන තිබුණ… කරුමෙ කියන්නෙ වර්ඩ්ප්‍රෙස් මලදානෙ දන්නෙමබ නෑනෙ…
    මේ යෝජනාව ඔබට ගෙනා අරූ අය්ය ගෙන්ම ඇහුව නං ඔබට උත්තරයක් ගන්න තිබුණ මොකද ඔහුත් මේ ප්ලැට් පෝම් එකම භාවිතා කරන නිසා

    • 1960 දශකයෙ අවසන් කාලෙ. දැන් මේ අයගෙ සමහර ළමයින්ගෙ ළමයිනුත් මැරිල. ඒ පළාතුත් දැන් හුඟක් වෙනස් වෙලා.

      අකුරු ලොකු කරන එකනම් මේ වැඩ පොළේ ටයිප් කරන එකාට නොවදිනා වැදුම් වැදලයි කරා ගන්න වෙන්නෙ. උගෙ ආඩම්බර බලන්න තමයි බැරි.මම මෙතන ඉන්නෙ මම මගෙ පාඩුවෙ උන් උංගෙ පාඩුවෙ. මේ බ්ලොග් එක හදාගන්නත් ඌට කපුවෙක් මායම් කරල කන්නලවු කරපු නැති ටික විතරයි. සමහර වෙලාවට ඒ පරය ලඟට මම ගියාට ඌ හැරිලවත් බලන්නෙ නැතුව උගෙ වැඩ.

      මම ඔය කියන මහත්තෙයට කියල බලන්නම්කො අකුරු හදාගන්න විදිය.

  4. කෝ මේ මනුස්සයා.

    මෙන්න මං රතු ඉර ගැහැව්වා.

    මෙතනින් පස්සේ ආවොත් එක්කෝ කෙයි නිවාඩුවක් එහෙම නැතිනම් දින බාගෙක නිවාඩුවක් දාන්න.

    • ඔන්න ආව. මට හිතෙනව ඔබතුමා ධර්මය ගැන උනන්දු කෙනෙක් කියල. සිත මනාකොට පිහිටුවාගැනීම ගැන ලිපියක් දැම්ම.

  5. ඔච්චර අමාරුවෙන් ලියන එකේ ඇයි මේ වර්ඩ්ප්‍රෙස් ටෙම්ප්ලීට් එකම තෝරගත්තෙ?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s