කේක් කේක් මෙහෙම කේක්

&මේ ලියන්න යන කතාව නම් ඇත්ත කතාවක්.කොහොමටත් නම් ගම් මනහ්කල්පිතව ඇත්තම කතා ලියන්නයි හිතන් ඉන්නෙ.මොකද ඇත්තම කතාවක තිබෙන අගය කියල නිම කරන්න බෑ.

මේ කතාව කෝච්චි පෙට්ටියක වුන සත්‍ය සිද්ධියක්.අපි දන්නවනෙ කෝච්චි පෙට්ටිවල ගෲප් ඉන්නව කියල.මේ ගෲප් හැම දෙයක්ම කරන්නෙ කෝච්චියෙ.බර්ත්ඩේ පාටිද අරවද මෙව්වද ඔක්කොම.හුඟක් දෙනෙක් පවුල් කන්නෙත් කෝච්චි පෙට්ටියෙ.ඉතින් මේ විදියට සීට් බදු අරන් හිටපුවම ගෲප් එකට අයිති නැති කෙනෙකුට හදිසි ගමණක් එහෙම යන්න වුනොත් දෙයියන්ගෙම පිහිට තමයි.සීට් එකෙන් තල්ලු කරලම දානව.වඩාත් ම්ලේච්ඡම දේ කිරි දරුවෙක් අතේ අරන් ඉන්න අම්ම කෙනෙකුට නැගිටින්න සිද්ධ වුනා ගෲප් එකේ ඇණුම් බැණුම් නිසා.මේක මම ඇහින් දැකපු සිද්ධියක්ඒ අම්ම ඇඩුවා.ඒක පැත්තකින් තියමු.අපේ කතාවට බහිමු.

යමක් කමක් තිබෙන පවුලක කොල්ලෙකුට කොළඹ රස්සාවක් හම්බ වුනා.මේ කොල්ල ටිකක් ගෙදරම හැඳුන අනෙක් අයත් තමන් වගේමයි කියල හිතන කෙනෙක්.කොළඹ යන්නම කාර් එකක් අරන් දුන්නත් කොල්ල ට හිතුන කෝච්චියෙ යන්න.ඉතින් කෝච්චියෙ පෙට්ටියක යනව.ගෲප් එකක් මේ පෙට්ටියෙත් ඉන්නව.

මේ ගෲප් එකේ මැදිවියේ පිරිමි දෙන්නෙකුයි ගෑණු කෙනෙකුයි කෙල්ලො දෙන්නෙකුයි හිටිය.තව හිටියත් මේ අය තමයි යාවජීව.ඉතින් අර අපේ තරුණයා මේ අය එක්ක සුහඳ වෙලා යනව.මේ තරුණයගෙ අහිංසක කම කාටත් තේරුනා.දැන් කොල්ලව බයිට් එකට ගන්නයි අර අම්මන්ඩිගෙ අදහස.

මේ අදහස ගෲප් එකට දාල අනුමැතිය එහෙම අරගෙන වැඩේට බැස්ස.සෙල්ලම කෙරෙන්නෙ මේ විදියට.අර කෙල්ලො දෙන්නගෙන් එකෙක් කොල්ල එක්ක බොරුවට යාළු වෙනව.යාළු වෙලා හැමදාම කේක් ගෙන්නගන්නවා.ඔය විදියට එක කෙල්ලෙක් මාසෙකට කිට්ටුවෙන්න කේක් ගෙන්න ගත්ත.ඊට පස්සෙ බොරුවට තරහ වුනා.දැන් කොල්ලට හෙන අප්සෙට්.බූට් එකේ රස වින්ද කොල්ල පැත්ත ගහල ඉන්නකොට පිහිටට ආවෙ අනික් කෙල්ල.එයා අනේ එහෙම තමයි.ඔයාට මම ඉන්නවනෙ කියල කොල්ල එක්ක යාළුවුනා.

දැන් ආයෙත් මාසයක්ම කොල්ල කේක් ගේනව.මාසයක් ගියාට පස්සෙ අර කෙල්ලත් බොරුතරහක් මවාගෙන බූට් එක දුන්න.දැන් ආයෙත් කොල්ල පැත්ත වැටිල.

දැන් ආයෙත් කොල්ලගෙ පිහිටට ආවෙ අර මුලින් යාළුවෙලා හිටපු කෙල්ල.ඔයාගෙනෙ වැරැද්ද ඔයා කෙල්ලො ආස්සරේ කරල නැති නිසයි එහෙම වුනේ .අරකද මේකද කියල ආයෙ යාළු වෙලා තව මාසයක් ගෲප් එක කේක් කෑවා.

දැන් ආයෙත් කෙල්ල බූට් එක දෙන්නයි යන්නෙ.ඔයත් එක්ක නම් බෑ කිය කිය රෝන් ටෝක් දෙනව.

මේ සෙල්ලම බලාගෙන සිටිය පිටස්තරයෙක් කොල්ලට අඩ ගහල මේ සිද්ධිය කියල තියෙනව.මුළු සමාජෙම ගැන කලකිරුන කොල්ල කෝච්චි ගමන නතර කරල දැම්මා.

Advertisements

5 thoughts on “කේක් කේක් මෙහෙම කේක්

  1. එහෙම ඈයොත් තාම ඉන්නවද ඈ… මං ළග හිටිය නං කියල දෙනව විතරක් කෙනවී කණත් අතගාණව… වෙන මක්කටවත් නෙවී නිකං පච වෙනවට……

    මේ මචං තරව නැතිව අකුරු ලොකු කරපං කියවන්න බෑ අමාරුයි ඇස් වලට

    • ලෝකෙ විවිධාකාරයි බන්. මේක ඇත්තම කතාවක්. ඔවුන් කන අතගාලත් හදන්න බෑ පච වෙලාමයි හැදෙන්නෙ බල්ලො.

  2. බොසා මේ ලිපියෙ තියෙන්නෙ හෙන හඩු සින්හලනෙ? ලෝකෝපකාරෙ මතකනෙ? ඇයි මේ බැදිවල යන්නෙ ඉතින්?

    • මෙහෙමවත් මේක කරන්නෙ පුදුම අමාරුවකින්. මෙච්චර වෙහෙසක් දරණ එකේ ප්‍රයෝජනවත් දෙයක් කරන්න එපායැ කියල මේ බණ දාන්නෙ. මම දන්න ටික හරි කියල දෙන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s