Archive | March 2014

ඔබත් නිර්වාණ මාර්ගයට පිවිසෙන්න- සරල දහම් ලිපි පෙළ

downloadධර්ම සාකච්ඡාවන්හිදී මගේ මිතුරෙකු පළ කළ අදහසක් නිසා මෙය ලියන්නට සිත් විය. බුදුදහමේ අනාත්ම වාදය ,අනිත්‍ය ගැන ඉගැන්වුවද ආත්මයක් බදාගෙන සිටින මගේ මිතුරා දිව්‍ය බ්‍රහ්ම සැප පතයි. සැප යනු කුමක්දැයි මම ඇසීමි. දෙවිවරුන්ට හිතන හිතන වෙලාවට රස බොජුන් පහළ වෙයි. ඔවුන්ට දිව බොජුන් කුමටද? මිනිසුන්ටනම් ආහාර ජීර්ණය කර ශක්තිය ලබා ගන්නටය.

දෙවිවරු අතර ලිංග බේදයක් ඇත. මිනිසුන්ට හා සතුන්ට ලිංග බේදයන් අවශ්‍ය වන්නේ ප්‍රජනනයටය. එහෙත් දෙවිවරු පහළ වන්නේ ඕපපාතිකවය.

සැප යන්නද සාපේක්ෂය. රජ සැප වින්දායැයි කියන පෙර රජවරු අඩුගානේ බස් එකකවත් ගොස් නැත. එසේම ඕනෑම සැපක් එක දිගට විදින විට එය එපා වෙයි.ඒ අනුව කල්ප ගනන් සැප විදින දිව්ය බ්‍රහ්ම ලෝක කතා සාහිත්‍යකරුවන්ගේ නිර්මාන මිස වෙන මොකවත් නොවේ.

මම යැයි කෙනෙක් නැතැයි බුදුන් වහන්සේ දේශනා කළත් මම යැයි කෙනෙක් සිටින බව විශ්වාස කරමින් ඒ මම ‍යැයි කියන දෙය එනම් සිතිවිලි පරම්පරාව අහෝසි කර ගන්නට යැයි කියා පුරාණ හින්දු භාවනා ක්‍රම කරමින් නිරර්ථක වෙහෙසක් ගන්නා උදවිය ගැන ඇත්තේ අනුකම්පාවකි.

පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සියල්ල සෑදී ඇති බව විශ්වාස කළේ පැරැන්නෝය. හින්දුවෝය. එම විශ්වාස මත පදනම් වූ භාවනා බෞද්ධ භාවන්නා නොවේ. බෞද්ධ භාවනාව සති භාවනාවයි. සිත මනා කොට පිහිටුවා එළඹ සිටි සිහියෙන් සිටීමයි. පොත් වල තිබෙන පාඨයන් අන්ධ භක්තියෙන් අදහන්නේ නැතිව විමසිලිවන්ත විය යුතුය.
බුද්ධ දේශනාව ග්‍රන්ථාරූඩ වුනේ පරිනිර්වාණයෙන් සියවස් ගනනකට පසුය.එසේම බුද්ධ ඝෝෂ හිමි හෙළ අටුවා පාලියට නගා උන් වහන්සේ පිළි නොගත් සියල්ල ගිනි තබා විනාශ කළ නිසා අද අපට ඉතිරි වී ඇත්තේ උන් වහන්සේ පිළිගත් දේ පමණි.අපක්ෂපාතී විමර්ශනයක් කිරීමට එය බාධාවක්ව පවතී.

එම නිසා සති භාවනාව යනු කුමක්දැයි විමසා බලමු. මෙහිදී ඉතා පහසුවෙන් සති භාවනා වැඩීම ගැන ඉගැන්වීම් කළ ඉන්දියානු සාධූන් ගේ කෙටි ක්‍රම අපට උපකාරී වේ.

මේ පහත ක්‍රමය සිතිවිලි පලවා හැරීමේ ක්‍රමයට වඩා සාර්ථකය. පලවා හැරීමේදීද ද්වේශය හා බැදීම් ඇති වේ.සිත අපෙන් වියුක්තය යන හැඟීම මෙහිදී ඇති කර ගැනේ. නත්ථී නත්ථී කියමින් භාවනාව කිරීමට හෝ තම ආදරය කරන දෙයක් සිහි වන විට ඒක උඹ ගනින් යැයි කියමින් භාවනාව වැඩීමට වඩා මෙය සරලය.

භාවනාව හරිම සරල ක්‍රියාවලියක්,ඔබේම මනස නිරීක්ෂණයේ යෙදීමයි එමඟින් කෙරෙන්නේ.මනස සමඟ සටන් කරනවා නොවෙයි..එය පාලනය කරන්න හදනවත් නොවෙයි.හුදෙක් එතැන සිටීමයි.අදහසක් නැතිව නිරීක්ෂණය කරනවා.සාක්ෂි දරමින් මනස හරහා කුමක් පැමිණියත් එය නිරීක්ෂණය කරනවා. එයට එරෙහිව හෝ පූර්ව නිගමනයකින් තොරව.ඔබ එය නාමයකින් හදුන්වන්නේ නැහැ.මේක මගේ මනසට එන්න ඕනෙ නැහැ කියල කියන්නෙත් නැහැ.ඒක කැතයි අප්‍රසන්නයි හෝ ඒක මගේ මනසට එන්න ඕන නෑ කියල කියන්නෙත් නෑ.ඔබ ඒ සිතිවිල්ල විනිශ්චය කරනවාත් නොවෙයි.ඔබ එය විනිශ්චය නොකරන්නෙ මොකද ඔබ එය විනිශ්චය කළ ගමන්එයින් ඔබ්බට භාවයන් වැඩීම අහිමි වෙනවා.ඔබ එම සිතිවිල්ල සමඟ අනන්‍ය වෙන්න ගන්නවා.ඔබ ඒ සිතිවිල්ලේ මිතයෙක් වෙන්නේවත් සතුරෙක් වෙන්නේවත් නැහැ.එහෙම කළොත් ඔබ එය සමඟ සම්බන්ධයක් සාදනවා.භාවනාව කියන්නේඔබේ සිතිවිලි ක්‍රියාවලිය සමඟ සබඳතාවන්ගෙන් තොරව ඉබ සිදීමයි.සම්පූර්නයෙන්ම සබඳතාවන්ගෙන් තොරව ඔබ ඉදීමයි.සම්පූර්නයෙන්ම සබඳතාවන්ගෙන් තොරව නිශ්චලව සන්සුන්ව මොනවා තමන් පසුකර යන්න ආවත් අකම්පිතව නිසලව බලා හිදීමයි.අන්න එවිට ප්‍රාතිහාර්ය සිදුවෙන්න ගන්නවා.සෙමින් සෙමින් ඔබ පසුකර යන සිතිවිලිවල වේගය අඩුවෙන්න ගන්නවා.ඔබ කොතරම් හොඳින් සතියෙන් ඉන්නවාද ඒ තරමටම ඔබ පසුකරගෙන යන සිතිවිලිත් අඩුවෙනවා.

ඔබ සම්පූර්නයෙන්ම දැනුවත්භාවයෙන් නම් එක් මොහොතකදි සිතිවිලි සියල්ල නතර වෙනවා,සෙමෙන් සෙමෙන් එවැනි මොහොතවල් වඩ වඩා එන්න ගන්නවා.එතකොට සිතිවිලි දෙකක් අතර හිඩැසක් පෙනෙන්න ගන්නවා.එවන් හිස් අවකාශ නැවත නැවත එන්න ගනීවි.ඒවා වඩි වෙලාවක් රැදී සිටිනවා.මනසින් නිදහස් වන ඔබට ඔබ කවුද යන්න අවබෝධ වෙනවා

කළුවරේ ගල්ගැසූ අමුත්තා (ගුරු සේවයේ කතා )

මට නම් එහෙමට ලියන්න බැරිය.ලියන්න බෑ කිව්වේ අකුරු සාත්තරේ බෑ කියන එක නොවේ. මේ සාත්තරේ තවම හරියට බැරිකමය. මේකත් අපූරු ලෝකයකි. මගේ ජීවිතයේ මා අත්දුටු අපූරු දේවල්වල හැටියට මෙසේ ලියන එකම මට අපූරු වුනත් අමාරු වැඩකි.ඡේදයක් ටයිප් කරන්න ලොකු වෙලාවක් ගත යුතුය.එහෙත් මේක වෙන කෙනෙකුට බාර දෙන්නත් බැරිය.අඩුවැඩිය හදන එක කරන්නේ ටයිප් කරන කොළුවාය. ඌට මේ වැඩ පුළුවනි.

දශක හතරකට නොඅඩු රජමෙහෙවරෙන් ඉසුඹු ලබා ගෙදර එච්චර කාලයක් ඉන්නට සිදු වුනේ නැත. නෑදෑ වෙන කෙනෙකුගේ උළු මෝලක ලියන කියන රස්සාවක් ලැබුණි.වැටුප් විශමතාව නිසා මේ රස්සාවේ වටිනාකම කියලා නිමකරන්න බැරිය.

සේවා ජීවිතයේ අපූරු අත්දැකීම් ඇතත් ඒවා ලියන්නට බැරි මට මේ ටයිප් කිරිල්ල මහ වෙහෙසක් බැවිනි.එහෙත් මොකක් හෝ ලියන එක හිතට සතුටකි.ඒත් ලියන දේ පුළුවන් තරම් පුංචි කරන්නේ ටයිප් කරන එක අමාරු නිසයි.ඒ නිසා පුංචි කතාවක්ම තොරා ගන්නම්.

මේක සිද්ධවුනේ කරුවලගස්වැව පැත්තෙ ඉස්කෝලෙක උගන්වන කාලෙයි.අදටත් ඒ පැත්තේ එහෙමට දියුණුවක් නැත.ඉස්කෝලයක් කිව්වට ඉස්කෝලයකුත් නොවේය.ළමුන්ද ගුරුවරුන්ට කතා කරන්නේ උඹ කියමිනි.පාඨසාලා පරීක්ෂකවරයෙක් කිසිදාක එන්නේ නැත.ආවොත් අම්මගෙ පදේ කියන්න ගුරුවරු සූදානමින් සිටිති.ළමයි ගෙදර යන්නේත් හිතුන හිතුන වෙලාවටය.කෙසේ හෝ වැඩිහිටියෝත් ළමයිනුත් මට ලොකු මහත්තයා කියා ඇමතූහ. මම කොටියාගල ඉස්කෝලෙන් දුෂ්කර ජීවිතේ අමුතු මිහිරියාවක් විද තිබුණි.කොටියාගලෙන් පසු ගම්පළාතට ආවත් අවුරුදු දෙක තුනකින්ම යළි කැළෑවට රිංගුවේ එබැවිනි.

මේ කතාව මගේ හදවතෙහි කොණක තිබෙන ඉදහිට මතුවී රිදුම් දෙන එකකි.මගේ හිතවතෙකුගේ අකල් මරණයකි. එයට මමද සම්බන්ධය.

කිරිහාමි ගමේ ශක්තිමත් මිනිසෙකි.හිනා වෙන්නේ කට පුරෝගනය. ඔහුගේ විශේෂත්වය වුනේ වාදයක් පටන් ගන්නේම හොඳින් හිනාවීමෙන් පසුව වීමයි.පොඩිකාලෙ පන්සලක සිටි නිසා හඳහන් බලන්නත් හොඳ හැකියාවක් තිබුණි.පාලි සංස්කෘත ශ්ලෝක කටපාඩමින් කිව හැක.

දිනක් කිරිහාමි හවස වැඩකර ගෙදර ඒමට පෙර හරකත් අරන් එන්නට පිල්ලෑව දිහා ගියේය. එය ඔහුගේ පුරුද්දකි.හරකත් අරන් එන ගමන් දොලපාරෙන් මූණ කට හෝදගන්න එක ඔහුගේ සිරිතකි.
මූණ කට හෝදගන්නට නැමෙනවාත් එක්කම කවුරු හෝ වතුරට ගල් ගෙඩියක් අත ඇර ඇත. කිරිහමි හිස ඔසවා බැලීය. දෙවියනේ ලොකු මහත්තය නේද? මොකෑ ආයිබොවන්ඩ කියා අසා ඇත. දෙවැනි වතාවටත් මෙසේ කරන විට කිරිහාමි වික්ෂිප්ත විය.සිනහ වෙමින් මම ඔහු මූණ කට සෝදන දොළපහරට ගල් ගෙඩි දමා ඇත.පසුව මා ඉක්මනින් ගමන් කර ඇති අතර කිරිහාමි ලොකු මහත්තය නවතින්න මාත් එනවා යි කියද්දීම මා හනිකට ගොස් ඇත.

කිරිහාමි යනු මගේ හිතවතෙකි.මට නවාතැන් පවා සොයා දුන්නේ ඔහුය. සමහර විට මම විහිළුවක් කරනවා කියා සිතුවාදැයි දන්නේ නැත. එහෙත් මම එවැනි දේ නොකරන බවත් ඔහු දනී.

කිරිහාමි ගෙදර යන ගමන් මා හමුවීමට ආවේ ඒ නිසාය. ගල් ගෙඩි කතාව මා අසා සිටියේ විශ්මයෙනි.
අනේ කිරිහාමි මම ඒ පැත්තෙ ගිය කාලයක් මතක නෑ මම කිව්වෙමි.

කිරිහාමි ගෙදර ගියේය. ඔහුට සහලෝල උන ගත්තේය. කපු මහත්තෙයෙක් කැඳවා මායම් කරන විට කපුවා කීවේ ගොම්මන් වෙලාවෙ කජු ගහක් යට වතුරපාරක් ලඟදි තනි කර ගෙන තිබෙනවා කියාය.

කපුවාගේ හඩ දැණුදු ඇසෙන්නා සේය.

” බෑ බොලන් බෑ බොලන් බෑ බොලන් ”

කිරිහාමි පැදුරේ නිදිකරවා ඇති. බෑ කියල නේද කියන්නෙ ඔහු අසයි. නෑ නෑ පුළුවන් කියල ඔහුලඟ සිටින අය ඔහුව අස්වසයි.

කිරිහාමි එදා එළිවෙන ජාමයේ මියපරලොව ගියේය.

කේක් කේක් මෙහෙම කේක්

&මේ ලියන්න යන කතාව නම් ඇත්ත කතාවක්.කොහොමටත් නම් ගම් මනහ්කල්පිතව ඇත්තම කතා ලියන්නයි හිතන් ඉන්නෙ.මොකද ඇත්තම කතාවක තිබෙන අගය කියල නිම කරන්න බෑ.

මේ කතාව කෝච්චි පෙට්ටියක වුන සත්‍ය සිද්ධියක්.අපි දන්නවනෙ කෝච්චි පෙට්ටිවල ගෲප් ඉන්නව කියල.මේ ගෲප් හැම දෙයක්ම කරන්නෙ කෝච්චියෙ.බර්ත්ඩේ පාටිද අරවද මෙව්වද ඔක්කොම.හුඟක් දෙනෙක් පවුල් කන්නෙත් කෝච්චි පෙට්ටියෙ.ඉතින් මේ විදියට සීට් බදු අරන් හිටපුවම ගෲප් එකට අයිති නැති කෙනෙකුට හදිසි ගමණක් එහෙම යන්න වුනොත් දෙයියන්ගෙම පිහිට තමයි.සීට් එකෙන් තල්ලු කරලම දානව.වඩාත් ම්ලේච්ඡම දේ කිරි දරුවෙක් අතේ අරන් ඉන්න අම්ම කෙනෙකුට නැගිටින්න සිද්ධ වුනා ගෲප් එකේ ඇණුම් බැණුම් නිසා.මේක මම ඇහින් දැකපු සිද්ධියක්ඒ අම්ම ඇඩුවා.ඒක පැත්තකින් තියමු.අපේ කතාවට බහිමු.

යමක් කමක් තිබෙන පවුලක කොල්ලෙකුට කොළඹ රස්සාවක් හම්බ වුනා.මේ කොල්ල ටිකක් ගෙදරම හැඳුන අනෙක් අයත් තමන් වගේමයි කියල හිතන කෙනෙක්.කොළඹ යන්නම කාර් එකක් අරන් දුන්නත් කොල්ල ට හිතුන කෝච්චියෙ යන්න.ඉතින් කෝච්චියෙ පෙට්ටියක යනව.ගෲප් එකක් මේ පෙට්ටියෙත් ඉන්නව.

මේ ගෲප් එකේ මැදිවියේ පිරිමි දෙන්නෙකුයි ගෑණු කෙනෙකුයි කෙල්ලො දෙන්නෙකුයි හිටිය.තව හිටියත් මේ අය තමයි යාවජීව.ඉතින් අර අපේ තරුණයා මේ අය එක්ක සුහඳ වෙලා යනව.මේ තරුණයගෙ අහිංසක කම කාටත් තේරුනා.දැන් කොල්ලව බයිට් එකට ගන්නයි අර අම්මන්ඩිගෙ අදහස.

මේ අදහස ගෲප් එකට දාල අනුමැතිය එහෙම අරගෙන වැඩේට බැස්ස.සෙල්ලම කෙරෙන්නෙ මේ විදියට.අර කෙල්ලො දෙන්නගෙන් එකෙක් කොල්ල එක්ක බොරුවට යාළු වෙනව.යාළු වෙලා හැමදාම කේක් ගෙන්නගන්නවා.ඔය විදියට එක කෙල්ලෙක් මාසෙකට කිට්ටුවෙන්න කේක් ගෙන්න ගත්ත.ඊට පස්සෙ බොරුවට තරහ වුනා.දැන් කොල්ලට හෙන අප්සෙට්.බූට් එකේ රස වින්ද කොල්ල පැත්ත ගහල ඉන්නකොට පිහිටට ආවෙ අනික් කෙල්ල.එයා අනේ එහෙම තමයි.ඔයාට මම ඉන්නවනෙ කියල කොල්ල එක්ක යාළුවුනා.

දැන් ආයෙත් මාසයක්ම කොල්ල කේක් ගේනව.මාසයක් ගියාට පස්සෙ අර කෙල්ලත් බොරුතරහක් මවාගෙන බූට් එක දුන්න.දැන් ආයෙත් කොල්ල පැත්ත වැටිල.

දැන් ආයෙත් කොල්ලගෙ පිහිටට ආවෙ අර මුලින් යාළුවෙලා හිටපු කෙල්ල.ඔයාගෙනෙ වැරැද්ද ඔයා කෙල්ලො ආස්සරේ කරල නැති නිසයි එහෙම වුනේ .අරකද මේකද කියල ආයෙ යාළු වෙලා තව මාසයක් ගෲප් එක කේක් කෑවා.

දැන් ආයෙත් කෙල්ල බූට් එක දෙන්නයි යන්නෙ.ඔයත් එක්ක නම් බෑ කිය කිය රෝන් ටෝක් දෙනව.

මේ සෙල්ලම බලාගෙන සිටිය පිටස්තරයෙක් කොල්ලට අඩ ගහල මේ සිද්ධිය කියල තියෙනව.මුළු සමාජෙම ගැන කලකිරුන කොල්ල කෝච්චි ගමන නතර කරල දැම්මා.